Colombo Today Local News

යාපනයෙන් කොළඹ ආ සැප බස් රිය අළු වෙයි

යාපනය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද(30) අලුයම එක්වරම ගිනිගෙන විනාශ වී තිබේ.

මදුරන්කුලිය කරිකට්ටිට ප්‍රදේශයේදීම මෙලෙස බස් රථය ගිනිගෙන ඇත.

බස් රථය ගිනිගන්නා අවස්ථාවේදී එම රථයේ සියලු ආසනවල මගීන් සිට ඇතිමුත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නැත.

කෙසේ වෙතත් ඇතැම් මගීන්ගේ ගමන්මළු කිහිපයක් හදිසි ගින්න හේතුවෙන් විනාශ වී ඇති බව තොරතුරු වාර්තා වෙයි.

ගින්න පිළිබඳව සැලවීමත් සමඟ පුත්තලම නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා පාලවිය ගුවන් හමුදා ගිනි නිවිමේ ඒකක පැමින ගින්න පාලනය කිරීමට සමත්වුවද ඒ වනවිටත් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වෙයි.

බස් රථය යාපනයෙන් ඊයේ (29) රාත්‍රී 10.30ට පමණ කොළඹ බලා ගමන් ආරම්භ කර තිබේ.

අනතුරුව බස් රථය පුත්තලම ආසන්නයේදී තේ පානය සඳහා නතරකර ඇති අතර එහිදී රියදුරු විසින් රථය පරීක්ෂා කිරීමක් කර තිබූ බවත් කිසිදු කාර්මික දෝෂයක් නොතිබූ බවත් පැවසෙයි.

ගිනි ගැනීමට ලක්වූ බස් රථයේ සිටි මගීන් වෙනත් බස් රථයකින් කොළඹට ගමන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මදුරන්කුලිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

විදෙස් සංචාරකයන්ට කොළඹදී මුස්ලිම් කණ්ඩායමක හිරිහැර. දේව යැදිල්ලක් බලහත්කාරයෙන් අස්සවලා

colombotoday

පීස් කියා ත්‍රස්තවාදය වැපිරූ ඉස්ලාම් රූපවාහිනිය බංග්ලාදේශයේ තහනම් ! ලංකාවේ යහතින් වැඩ !

colombotoday

ISIS ජාලයට රිංගා සියල්ල අනාවරණය කරගත් අපේ බුද්ධි අංශය බිද දැමූ දුක හිතෙන කතාව….

colombotoday

රාජිතගේ ඇප නියෝගයට එරෙහි ප්‍රතිශෝධන පෙත්සම් විභාගය කල් යයි

colombotoday

“කාටවත් නිකන් කන්න දෙන්න බෑ… මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා.”

colombotoday

ජනමතවිචාරණයක් එයි.. මෛත්‍රී – රනිල් හවුල 2025 දක්වාම ආණ්ඩුකරන යෝජනා ඇතුළත්කර ව්‍යවස්ථාව සම්මතකරගන්න යයි !

colombotoday