Colombo Today Local News

ණය ප්‍රතිව්‍යුහගත යෝජනාවලිය සාකච්ඡාවට අද මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට අද(29)දින මුදල් පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද (29) පස්වරු 2.00 පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිතය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28)දින රැස්වු විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණි.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලියට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ විශේෂ සභා වාරයක් එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වෙන බව ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් අතර රැස්වීමක් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණි.

එම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයින් එක්ව ඇත.

Related posts

ගෝඨාගේ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

අද තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වේ. සම්පුර්ණ රෝගීන් සංක්‍යාව 107 දක්වා ඉහලට

colombotoday

යහපාලන සංහිදියාවේ සළුපිළි ගැලවූ යාපනය සිසු ප්‍රහාරයෙන් මතුවන බෙදුම්වාදයේ ගිණි පුපුරු !

colombotoday

සජිත්-දෙරණ මහා යුද්ධයක්

Admin

ඌරෙක් අධිකරණ ඇමති වුන පළමු අවස්තාව

colombotoday

2025දී ආර්ථිකය සුබ අතට

Admin