Colombo Today Local News

උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (27)දිනයේ සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, පෙරදිග සංගීතය හා නර්තනය යන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට ජූලි මස 6 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.

විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා සඳහන් කරන්නේ, ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලුම ප්‍රවේශ පත්‍ර මේ වනවිට යොමු කර අවසන් බවයි.

යම් අපේක්ෂකයෙකුට මේ වනතුරුත් ප්‍රවේශ පත්‍රයක් ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා එම ප්‍රවේශ පත්‍රය බාගත කර ගැනීමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකියි.

Related posts

අලුත් අවුරුද්දට පෙර සහන නොලැබුනොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

ඇමතිලාට වාහන ගන්න තවත් කෝටි 37ක් ඉල්ලයි.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවල මැග්නිටියුඩ් 7.2ක භූ චලනයක්

colombotoday

අනුර කුමාර දිසානායක කේරලයට

Admin

2017 දේශපාලන සැලසුම මහින්ද හෙළිකරයි

colombotoday

රේගුව අකුරට වැඩ

Admin