Colombo Today Local News

නිවසේ විදුලි සෝපාන කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමැති මරුට

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.

විදුලි සෝපානය කඩාවැටීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ගමන් ගත් ඔහුගේ රියදුරා ද බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වේ.

මිය යන විට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 89 හැවිරිදි වියේ පසුවිය.

සිරිල් මහතා ඔහුගේ රියදුරා සමග නිවසේ පිටතින් සවිකර ඇති විදුලි සෝපානයෙන්තුන්වැනි මහලේ අලුත්වැඩියා කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය හදිසියේ කඩා වැටීමෙන් දෙදෙනාම තුවාල ලබා තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

Related posts

රණවිරු දඩයමට එරෙහි රණවිරු පාගමන අම්බලන්තොටට

colombotoday

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

colombotoday

මවගේ ඇකයේ සිටියත් ඒඩ්ස් බෝවෙනවායි අධ්‍යාපන ඇමති කළ ප්‍රකාශයට ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයෙන් පිළිතුරු

colombotoday

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනික සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද මෙරටට

colombotoday

විමල් හූනු සාත්තරයක් කියයි

Admin

කැබිනට් සංශෝධනයෙන් පසු ආණ්ඩුවේ තවත් 10ක් විපක්ෂයට

colombotoday