රටේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සියලු සන්නද්ධ හමුදා කැඳවීමට අදාල ආඥාවක් ජනාධිපතිවරයා නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(22)දින දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ, හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වෙනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බවද ඔහු සඳහන් කළේය.