Colombo Today Local News

කුවේට්හීදි කතක් මිය යයි – ඇය හඳුනනවානම් ඉක්මණින් දැනුම් දෙන්න

ශ්‍රී ලාංකික කාන්තාවක්, කුවේට් රාජ්‍යයේ දී මියගොස් ඇති අතර විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඇයගේ ඥාතීන් සොයා ගැනීමට ජනතාවගේ සහාය ඉල්ලා සිටි.

අදාළ කාන්තාව 66 හැවිරිදි කුලසිංහ ආරච්චිගේ අනුලා ප්‍රීතිමාලි පෙරේරා බවයි එම අමාත්‍යංශය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

නො 438/1, නුගවත්ත පාර, කිරිවත්තුඩුව ඇයගේ ලිපිනය ලෙස දක්වා තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඇයගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ළඟම ඥාතියෙකු හෝ ඇයව දන්නා අයෙකු සිටී නම් හැකි ඉක්මනින් දැනුම්දෙන ලෙසයි.

ඒ අනුව පහත ඡායාරූපයේ සිටින කාන්තාව හඳුනන අයෙක් සිටී නම්,

දුරකථන අංක: 011238836/ 0117711163/ 0112323015,
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk හෝ
කොන්සියුලර් අංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, 2 වැනි මහල සෙලින්කෝ මන්දිරය, කොළඹ 01. යන ලිපිනය

ඔස්සේ අමාත්‍යාංශයට දැනුම්දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර සිටි.

Related posts

විද්‍යාපීඨවලට සිසුන් ඇතුලත් කරගැනීමට අයදුම්පත් කැදවයි

Admin

දැන් තියන්නේ මෙලෝ රහක් නැති ඇමති මණ්ඩලයක් සහ අගමැති කෙනෙක්..

colombotoday

මේක බුද්ධිගලනයක් නොවේ බුද්ධිය පලවාහැරීමක් – GMOA දැන් කියන කතාව

Admin

අදත් විදුලි කප්පාදුවක්

colombotoday

මාර්ග අංක 187 – 188 බස් වර්ජනයක්

Admin

සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයි

colombotoday