Colombo Today Local News

දකුණේ හා බස්නාහිර කුළී මිනීමරුවන් මඩින්න පොලිස් ඇමතිගෙන් උපදෙස්

බස්නාහිර පළාත සහ දකුණු පළාත තුල සිදුවන මිනීමැරුම් සම්බන්ධයෙන් වහාම දැඩි ක්‍රියාමාර්ග ගන්නයි
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස් ප්‍රධානීන්ට නියෝගකර ඇත.

ඔහු එවැනි නියෝගයක් ලබාදී ඇත්තේ, පොලිස් ප්‍රධානින් කැඳවා ඊයේ (21)දින සිදුකල සාකච්ජාවකදීය.

මිනීමරුවන් සම්බන්ධයෙන් නිතිය තදින් ක්‍රියාකරන ලෙස එහිදී පොලිස්පතිවරයාට නියෝගකර ඇති අමාත්‍යවරයා, එවැනි මෙහෙයුම්වලදී අනිසි බලපෑම් සිදුකිරීමට කිසිවකුට හෝ ඉඩ නොතබන බව අවධාරණය කර ඇත්තේ, ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලැබී ඇතැයි ද පවසමිනි.

බලපත්‍රයක් නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවි පොලිසියට බාර ගැනීම සඳහා ජුලි 31 දිනය දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශකරන ලෙස දැනුම්දී ඇති අමාත්‍යවරයා, ගිනි අවි බාරදීමේ පොදු සමා කාලය අවසන් වීමත් සමඟ පොලිසිය අනෙකුත් බුද්ධි අංශ සමඟ නීති විරෝධී ගිනි අවි වැටලීම ආරම්භ කරන්නැයි දැනුම්දී ඇත.

දකුණු පළාතේ හා බස්නාහිර පළාතේ මිනීමැරුම් හා අපරාධ වැඩිවීමට විශේෂයෙන්ම බලපා ඇත්තේ එම පළාත් දෙකෙහි සේවයකරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකර්ශක්ෂමතාවය බව පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දී ඇති අතර එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ එවැනි නිලධාරීන් වහාම ඉවත්කර සුදුසු නිලධාරීන් පත්කරන ලෙසයි.

මෙම සාකච්ජාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති ඩී.සී.වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී මැදවත්ත, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සහභාගී වී තිබිණ.

Related posts

දිගුකාලීන මිතුරා ඇමති චම්පික ගැන අප්‍රසන්න රහසක් හෙළි කරයි (Video)

colombotoday

අනුරාධපුරේ හිමිවරු 8 නමක් උපවාසයක

colombotoday

කාදිනල් වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කාරයන්.. කතෝලික ආගම මිනී මැරුවා.. මගේ ස්ථාවරය වෙනස් නෑ…

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකු අධිපතිකමට පත්කිරීමේ සම්පූර්ණ වගකීම ජනපතිටයි

colombotoday

සජිත්ට පොලු මුගුරුවලින් ගසා පන්නයි

colombotoday

සජිත් හා ආර්යාව උදේම ඡන්දය දමයි….

colombotoday