උතුරු මෙක්සිකානු බලධාරීන් විසින් එරට Guadalajara හි කැළෑ බද ප්‍රදේශයක තිබී මිනිස් ශරීර කොටස් සහිත ගමන් මලු 45ක් සොයාගෙන තිබේ.
කාන්තාවන්ගේ සිරුර කොටස් ද එම ගමන් මලුවල ඇති බවට හඳුනාගෙන ඇති අතර ඒවායේ පවතින සිරුරු සංඛ්‍යාව සොයා බැලීම සඳහා කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවදුරටත් එම ස්ථානයේ මිනිස් ශරීර කොටස් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් සිදු කරන බව සඳහන්.
එමෙන්ම ගමන් මලු තුළ තිබී සොයාගත් මිනිස් ශරීර කොටස්වල අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.