Colombo Today Local News

අභිරහස් ලෙස මිය ගිය ජපුර සරසවි සිසුවෙකුගේ සිරුර නේවාසිකාගාරයේ එල්ලෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

පොලීසිය පවසන්නේ මහරගම කටුවාවල ප්‍රදේශයේ එම විශ්වවිද්‍යාලය මගින් කුළී පදනම මත පවත්වාගෙන යන ශිෂ්‍ය නේවාසිකාගාරයක බිම් මහලේ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇති බවය.

අනෙක් සිසුන් ලණුව කපා දමා ඔහුව පරීක්ෂා කිරීමේදී මියගොස් ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

එම නේවාසිකාගාරයේ තවත් සිසුන් 64කට ආසන්න ප්‍රමාණයක් නේවාසිකව සිටින බවට අනාවරණය වී ඇත.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි වියේ පසුවූ සිසුවෙකි.

මේ අතර මියගොස් ඇති සිසුවාගේ ඥාතීන් අදාළ මරණය සැක සහිත බව පැවසීමත් සමඟ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

මහරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

දරුවන් බේරා ගන්න ගිය පොලිස්‌ නිලධාරියා සැඩ පහරට බිලි

colombotoday

නවසීලන්තයෙත් රජයට එරෙහිව විරෝධතා

colombotoday

වෛද්‍ය රසායනාගාරයක වෙඩි තබීමක්

Admin

ගාලුමුවදොර නත්තල් ගහ ලොව උසම එක නොවේ.. කතෝලික සංවිධානයකින් නිවේදනයක්

colombotoday

එල්ලා මරණ දිනය සහ එල්ලන වරදකරුවා තීරණය කර අවසන්…

colombotoday

අරාබි භාෂාවත් නිල භාෂාවක් වෙයි..!! බදුල්ල කච්චේරියේ නාම පුවරුවල අරාබි වැකි..

colombotoday