Colombo Today Local News

පරිසර අමාත්‍යාංශයට නීති නිලධාරියෙකු නැහැ.. මාස පහක සිට අභියාචනා විභාග කිරීම ඇණහිටලා..

නීති නිලධාරියෙකු නොමැති වීම හේතුවෙන් මාස පහක පමණ කාලයක් පරිසර අමාත්‍යාංශයට ලැබෙන අභියාචනා විභාග කිරීම ඇණහිට තිබේ.

කැනීම් සම්බන්ධයෙන් නිකුත් කරන බලපත්‍රවලට අදාළව ඉදිරිපත් කරන අභියාචනා මෙන්ම පරිසර බලපත්‍ර නිකුත් කිරීමට අදාළ අභියාචනා රැසක් විභාගයට ගැනීමට නොහැකි වි ඇති අභියාචනා අතරට ඇතුළත් ය.

මේ හේතුවෙන් අදාළ අභියාචනා ඉදිරිපත් කරන පුද්ගලයින් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටින්නේ, නීති නිලධාරියෙකු බඳවා ගැනීමට අනුමැතිය ලබා දෙන්නැයි කළමනාකාරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

Related posts

හිටපු ජනපති කෲඩියා සිලනිකා බලන්න යයි | තිබෙන තැනම සංරක්ෂණය කිරීම වඩාත් යෝග්‍ය බව කියයි.

colombotoday

Covid 19: නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමයි

colombotoday

“ඉන්ධන හිඟයක් නිසා විදුලි ප්‍රශ්නයක් ඇති වීමට කිසිම හේතුවක් නැහැ.”

colombotoday

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

Admin

රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවයෙන් රියදුරු බලපත්‍ර 50ක් පමණයි.

Admin

ගිනිඅවි 06ක් සමග සැකකරුවන් 04ක් අත්අඩංගුවේ

colombotoday