Colombo Today Local News

දුම්රියෙන් තෙල් ඇද්ද භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනෙක් මාට්ටු

ගාල්ල දුම්රිය ස්ථානයේ නවතා තිබු ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියකින් ඉන්ධන සොරකම් කළ එම දුම්රිය ස්ථානයේ දුම්රිය භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල මාගාල්ලේ පිහිටි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩාව වෙත පැමිණි මෙම දුම්රිය ඉන්ධන තොගය එහි ගබඩාවට බෑමෙන් පසුව නැවත ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණ නවතා තිබී ඇත.

ෛන් පසුව මෙම දුම්රිය ස්ථානයේ සේවය කරන දුම්රිය භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනා විසින් දුම්රියේ ඉන්ධන ටැංකියේ ඉතිරිව තිබු ඉන්ධන ලීටර් 5.05 ක් සොරකම් කර ගෙන ඔවුන්ගේ කුටිය වෙත එමින් සිටියදී දුම්රිය ආරක්ෂක නිලධාරි චන්ද්‍රදාස මහතා විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාරදී තිබේ.

සැකකරුවන් දෙදෙනා අද (15)දින ගාල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

මැණික් ගල් 492 ක් සමග හාර්බර් බණ්ඩා අත්අඩංගුවට.

colombotoday

ඉස්ලාම් ත්‍රස්ත බිය ලංකාවටත් දැනෙයි.. කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව තර කරයි

colombotoday

පාගමනේ ගිය පිරිස ශ්‍රීලනිප අම්මාගෙ මූණට කෙළ ගැසුවා – ශ්‍රීලනිප මහ ලේකම්

colombotoday

වෛද්‍ය සභාවේ නව සභාපති සයිටම් හිතවාදියෙක්.. – මහැදුරු කාලෝ කියයි

colombotoday

අගමැතිගේ ”ජංගි” කතාවට කාන්තා සංවිධානවලින් විරෝධය.. “සමාව ගත යුතුයි”

colombotoday

ඥානසාර හිමි සමග උඩුනුවර ආසනයේ පැවති භික්ෂු රැස්වීමකට පොලිස් බලපෑම්

colombotoday