Colombo Today Local News

ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කල යුද්ධ හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තා අතරට

කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ජුනි 1 වැනි දා දින සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වූ බවත් එය ගිනස් ලෝක වාර්තා අතරට එක් ව ඇති බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශයේ (Genito Urinary Unit) ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මය සිදු කර තිබේ.

ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ සහය වී ඇති බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.

යුද්ධ හමුදා වෛද්‍යවරු පසුගිය ජුනි 1 වැනි දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී ඉවත් කළ මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත වේ.

ගිනස් ලෝක වාර්තාවට අනුව ලෝකයේ මීට පෙර හමුවී ඇති දිගම වකුගඩු ගල වර්ෂ 2004 දී ඉන්දීයාවේදී හමුවී ඇත.

එය සෙන්ටිමීටර 13 ක් දිගින් යුක්තය.

එමෙන්ම බරින් වැඩිම වකුගඩු ගල වර්ෂ 2008 පකිස්ථානයෙන් හමුවී ඇති අතර එය ග්‍රෑම් 620 ක් ලෙස සඳහන් වේ.

Related posts

බැංකු බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට තීරණයක්

colombotoday

මහ මොළකරු නොවෙයි ගම්මන්පිලට වාර්තා ගිය හැටි සොයනු

Admin

ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්

Admin

පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

මිරිස් කිලෝව 1600ට නගී. මිරිස්වල කොලෙස්ටරෝල්, කෑමට අගුණයි – සෞඛ්‍ය ඇමති කියයි

colombotoday

ජනපතිගේ නව බද්ද

Admin