Colombo Today Local News

අමිල ප්‍රියංග පැහැරගැණීමේ සිද්දිධිය ගැන හිරුණිකාට එරෙහිව වීඩියෝ සහිතව සාක්කි දෙයි

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් පිරිසක් දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලකට ගොස් එහි සේවය කල තරුණයකු පැහැරගෙන ගොස් පහරදී සාපරාධී ලෙස බිය ගන්වන ලදැයි කියන සිද්ධියට අදාළව එම වෙළඳසලේ සිවිකර තිබු සී.සී.ටී.වී. කැමරා වල පටිගත වී තිබු දර්ශන කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ ප්‍රදර්ශනය කරමින් පැහැරගැනීමට ලක්වු අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අද (01)දින සාක්කි දුන්නේය.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසලක සේවය කල තරුණයකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලදැයි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ දෙවැනි දිනටත් පැමිණීල්ලේ සාක්කි විමසු අවස්ථාවේදී එසේ පැවසීය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරය විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

සිද්ධිය වී මාස හතක් වැනි කාලයක් තුළ චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් දස දෙනකු මෙන්ම ලේඛණ කිහිපයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් ආරක්‍ෂකයන් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 1,65,000/-ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 2,85,000/- වන්දියක් ගෙවීමටද ඔවුන්ට නියම කෙරිණි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබු අතර මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටියාය.

Related posts

ආනයන සහ අපනයන පහසු කරයි

Admin

ජනපති ඝාතන ඉන්දීය රෝ කුමන්ත්‍රණය මට කීවේ දේදුණු පාට කැබිනට් ඇමතියි – The hindu මාධ්‍යවේදිනිය කියයි..

colombotoday

රාජ්‍ය දේපළ අවභාවිතා කල මිරිස්කුඩු ප්‍රසන්නගේ පුත්‍රයාට එරෙහිව සී.අයි.ඩි.යට පැමිණිල්ලක්

colombotoday

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

සහනාධාර බලාපොරොත්තු වෙන්න එපා

Admin

බ්‍රිගේඩියර් ප්‍රියංක සියලු චෝදනාවලින් නිදහස්… වරෙන්තු අවලංගු කර නඩුව මුල සිට කැදවයි…

colombotoday