World

ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවතුන් අතර පෙරමුණට

ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණට පැමිණ තිබේ.

ඒ, ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණේ රැඳී සිටි 74 හැවිදිරි බර්නාඩ් ආර්නෝල් අභිබවමිනි.

ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

වසරක් තුළ ලොව ධනවත්ම පුද්ගලයින් අතර පළමු තැන වරින් වර ඉලෝන් මස්ක් සහ බර්නාඩ් ආර්නෝල් අතර දෝලනය විය.

ඉලෝන් මස්ක් යළිත් ධනවතුන් අතර පෙරමුණට පැමිණියේ, පසුගිය අප්‍රේල් මාසයේදී බර්නාඩ් ආර්නෝල්ගේ සමාගමක කොටස් 10% කින් පමණ පහත වැටීමත් සමගයි.

එම කොටස් පහත වැටීම හමුවේ බර්නාඩ් ආර්නෝල්ට දිනක් තුළ සිදු වූ අලාභය අමෙරිකානු ඩොලර් බිලියන 11කි.

Related posts

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ එන්.එම් අමීන් සබඳතා පැවැත්වූ මුස්ලිම් සහෝදරත්වයේ ජේෂ්ඨයන් 12 දෙනෙකුට මරණ දඬුවම

colombotoday

මුස්ලිම් නම් 29ක් චීනයේ තහනම් වෙයි.. මොහොමඩ්ලාට, සදාම්ලාට මින් පසු චීනයේ ඉඩ නෑ !

colombotoday

රියදුරු රහිත ලොව පළමු මෝටර් රථය අවුඩි සමාගමෙන්

colombotoday

කාබුල් නුවර ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. මිය ගිය ගණන 95දක්වා ඉහළට

colombotoday

ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් 100දෙනෙකු මරුට

Admin

ඉරාකයේ කොරෝනා වාට්ටුවක ගින්නකින් 41ක් මරුට

colombotoday