World

කාබුල් නුවර ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. මිය ගිය ගණන 95දක්වා ඉහළට

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට සෙනසුරාදා (28) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 95 දක්වා ඉහළ ගොස් තිබේ. 

පොලිස් මුරපොළක් ඉලක්ක කරගනිමින්  මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර තුවලා ලැබූ පිරිස් 160ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රහාරය එල්ල වූ පොලිස් මුරපොළ තිබෙන ප්‍රදේශය කාබුල් නුවර ජනාකීර්ණ කොටසකි.

ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය බාරගෙන තිබෙන අතර පසුගිය සතියේදී ද තලේබාන් සංවිධානය කාබුල් අගනුවරට ප්‍රහාරයක් එල්ල කර ඇත.

කාබුල් නුවර පිහිටි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයට එල්ල කළ එම ප්‍රහාරයෙන් විදේශිකයන් ද ඇතුළුව 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

Related posts

ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියි

Admin

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday

ප්‍රංශයම ඉස්ලාම් ත්‍රස්ත තර්ජනයේ.. ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව කළහැකි සියළු දේ කරනවා – ප්‍රංශ ජනපති

colombotoday

ලොව පුරා Microsoft Teams සේවා බිඳ වැටීමක්

colombotoday

යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් – මොස්කව් ප්‍රධාන ගුවන් තොටුපළ වසා දමයි

Admin

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මිය යයි

Admin