Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ අලාභය තක්සේරු කිරීමට අනු කමිටු 05ක්

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකා අනතුරින් සිදුවූ අලාභය තක්සේරු කිරීම සඳහා අනු කමිටු 05ක් පත්කර තිබේ.

අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ක්ෂේත්‍ර 5ක් යටතේ එම අනු කමිටු පත්කළ බවය.

ඒ අනුව පත්කර ඇති අනු කමිටු පහතින් දැක්වේ.

*රක්ෂණ අනු කමිටුව
*නෛතික අනු කමිටුව
*ධීවර අනු කමිටුව
*පාරිසරික අනු කමිටුව
*ආර්ථික අනු කමිටුව

මේ අතර, “එක්ස්ප්‍රස් පර්ල්” නෞකා අනතුරින් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා පත්කළ අනු කමිටු වෙත ජුලි මස 02 වනදා දක්වා තොරතුරු ලබාදිය හැකි බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ආයතන සහ සංවිධාන අදාළ ක්ෂේත්‍රයන් සඳහා අවශ්‍ය තොරතුරු එම කමිටු වෙත ලබාදිය හැකි බවය.

අදාළ තොරතුරු 011 2 445 447 දරණ ෆැක්ස් අංකයට හෝ reforms@moi.gov.lk යන විද්‍යුත් තෑපැල වෙත යොමු කළ හැකි වේ.

Related posts

බස් රථයක් පෙරළී 13ක් රෝහලේ

colombotoday

ලංගම ඩිපෝ වලින් ඩීසල් නිකුත්කිරීම යළි අරඹයි

colombotoday

මැතිවරණ කොමිසමේ ලොක්කෝ සාලිය පීරිස් හොර රහසේ හමුවෙලා

Admin

සති අන්තයේ සියලු දුම්රිය ගමන් වාර අවලංගු කෙරේ

colombotoday

ගංජා ඖෂධයක් නොවෙයි, මත්ද්‍රව්‍යයක්. | තහනම දිගටම තියන්න | විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර.

colombotoday

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කදවුර දෙකඩ කර, නන්දිකඩාල් යන්න පාරක් හදයි !

colombotoday