මරාගෙන මැරෙන ඇදුම් කට්ටල ,පුපුරන ද්‍රව්‍ය ,හමුවීමෙන් පෙනී ගියේ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ තිබෙන බව යැයි , සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි පවසයි. 31 දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මේ සිදුවීම සුළුකොට සිතීමද බරපතල වරදක් බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ . හෙට කොළඹදී බෝම්බයක් පිපුරුවොත් මේ අය එය සමාන්‍ය දෙයක් යැයි කියා ප්‍රකාශ නිකුත් කරාවි යැයි උන්වහන්සේ සදහන් කලා .
ක්ලෙමෝ බෝම්බ සහ මරාගෙන මැරෙන ඇදුම් පරණ ඒවා නොවන බවත් ඒවා යළි යුද්ධයක් ඇති කිරීමට මූලාරම්භයක් ඇති කිරීම වෙනුවෙන් ගෙන ආ ඒවා බවත් උන්වහන්සේ පැවසුවා .