Colombo Today Local News

හකීම්ට එරෙහිව නැගෙනහිරින් මුස්ලිම් පෙරමුණක් !!

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාට එරෙහිව නැඟෙනහිර පළාතේ හකීම් විරෝධී මුස්ලිම් පෙරමුණක් පිහිටුවීමට සංවිධානය වෙමින් තිබේ. මේ පෙරමුණේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ මුස්ලිම් කොංග්‍රසයේ හිටපු සභාපතිවරයකු වූ බෂීර් සේගු ඩාවුඩ් මහතායි.

මුස්ලිම් කොංග්‍රසයෙන් කැඩී ගිය සියලු බලවේග මේ පෙරමුණට එකතු කර ගැනීමට සාකච්ඡා වෙමින් පවතින අතර මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් පදවියෙන් ඉවත් කළ හසන් අලි, එම කොංග්‍රසයෙන් ඉවත්ව වෙනම දේශපාලන පක්ෂයක් ගොඩනඟා ගෙන තිබෙන රිෂාඩ් බදුර්දීන්, ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු නැඟෙනහිර පළාතේ මුස්ලිම් සංවිධාන රාශියක් නව පෙරමුණට සම්බන්ධ කර ගැනීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවද වාර්තා වෙයි.

මේ අතර මුස්ලිම් කොංග්‍රසයේ මූලස්ථානය වන දරුසලාම් හි සිදුවන අක්‍රමිකතා ගැනත් හකීම් මහතාගේ ඇතැම් ක්‍රියාකාරකම් ගැනත් පොතක් මුද්‍රණය කර එය මුස්ලිම් ජනතාව අතර මේ දිනවල බෙදා හරින බව දැනගන්නට ඇත. ළඟදී කාලය අවසන් වීමට නියමිත නැඟෙනහිර පළාත් සභාව සඳහා මුස්ලිම් පෙරමුණෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කොට තරග කිරීමට එම පෙරමුණේ නැඟෙනහිර පළාත් මුල්ම දේශපාලන සටන බව එම පෙරමුණ පවසයි.

Related posts

වසර අවසාන වීමට පෙර රටේ නිල සංචිත ප්‍රමාණය අ. ඩොලර් බිලියන 03කට වඩා ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

colombotoday

ආර්ථිකය යළි ගොඩනඟන බවට ජනපති සහතික වෙයි

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙකු මරුට

colombotoday

ත්‍රස්තවාදයට ඍජු සම්බන්ධතාවක් ඇති බවට සාක්ෂි නැති නිසයි බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කලේ : චමල් පාර්ලිමේන්තුවේ දී පහදයි

colombotoday

පසුගිය වසර කිහිපයේ දී පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා

Admin

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය : ජනාධිපති කොමිසමේ නිල කාලය දිර්ඝ කරයි

colombotoday