අද (09)දින සිට ලබන 12 වැනි සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වේ.
එහිදී අපනයන සංවර්ධන පණත යටතේ සෙස් බද්දට අදාළ නියෝග කිහිපයක්, වරාය හා ගුවන්තොටුපොළ බදු පණත යටතේ නියෝග කිහිපයක් ඇතුළු නියෝග කිහිපයක් අද (09)දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතය.
මේ අතර අද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත වේ.
ඒ, කතානායකවරයාගේ ප්රධානත්වයෙන් අද (09) පෙරවරු 11.30 ටයි.