World

පේරු රාජ්‍යයේ රන් ආකරයක ගින්නකින් 27ක් මරුට

පේරු රාජ්‍යයේ රන් ආකරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් විසි හත්දෙනෙකු මිය ගොස් තිබේ.

Arequipa කලාපයේ La Esperanza පතල තුළ ඇති වූ මෙම අනතුර දශක කිහිපයකට පසු එරට සිදු වූ දරුණුතම පතල් අනතුර බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ගින්නෙන් පුද්ගලයන් දෙදෙනෙකු බේරා ගෙන ඇති බව සඳහන්ය.

ගින්න හටගන්නා අවස්ථාවේ පතල් කම්කරුවන් අවම වශයෙන් අඩි 330 පමණ පහළින් වැඩ කරමින් සිටින්නට ඇති බවට විශ්වාස කෙරේ.

පේරු රාජ්‍ය ලොව විශාලතම රන් නිෂ්පාදකයන්ගෙන් එක රටක් වන අතර වසරකට ටොන් 100 කට වඩා රන් කැණීම් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසීය.

Related posts

මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවසින් කෝටි ගණනක් ශ්‍රී ලංකා මුදල් නෝට්ටු තොගයක් සොයාගනී…

colombotoday

චීනය තවත් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීමට සූදානම්

colombotoday

ටියුනීසියාවේ හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි

Admin

ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 63ක් මරුට. 180කට තුවාල

colombotoday

ට්‍රම්ප්ට Twitter – Facebook තහනමක්

colombotoday

ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම. ස්පාඥ්ඥ මුස්ලිම් ප්‍රජාවේ ඉහලම නායකයාගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

colombotoday