Colombo Today Local NewsGossip

අගරදගුරුගේ ඉල්ලීමට ප්‍රතිචාර ලැබේ.. ‘අනුරාගිනී‘ වාරණයට ලක්වේ !!

ප්‍රවීන සිනමාවේදී චන්ද්‍රම් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ “අනුරාගිනී -According to Mathew” චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම වාරණයට ලක්කර ඇති බව මාධ්‍ය වාර්තා පලවී තිබෙනවා.

එම චිත්‍රපටය තහනම් කරන ලෙස කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුවරයා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබෙන බව මීට පෙර මාධ්‍ය වාර්තා පලවී තිබුණා.

චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂනය කළ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසන් සංස්කරණ කටයුතු සදහා සූදානම් වෙමින් සිටින අවස්ථාවේ තමන්ට මේ ගැන දැනගන්නට ලැබුණු බව චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සඳහන් කළ බවයි එම වාර්තාවන් පෙන්වා දෙන්නේ.

මැතිව් පීරිස් නමැති ඇන්ග්ලිකන් පූජකයකු විසින් සිය බිරියද පෙම්වතියගේ විවාහක සහකරුවාද ඝාතනය කිරීම නිසා ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වූ සිදුවීමේ නඩු වාර්තා පදනම් කරගෙන සිනමා කෘතිය නිර්මානය කළ බව අධ්‍යක්ෂවරයා පවසනවා.

Related posts

නීතිපති දෙපාර්තමේන්තුව කනිෂ්ඨ නීතිඥවරකුට තර්ජනය කරලා.

colombotoday

SB හා ඩිලාන් පොහොට්ටුවට

colombotoday

ෆොන්සේකා කොළඹ අපරාධ කොට්ඨාසයට කැදවයි

colombotoday

අවුරුදු තුන හමාරක දැරියක් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීමක්

Admin

යෝෂිත රාජපක්ෂ, නිශාන්ත ඇතුළු 5ක් රිමාන්ඩ්

colombotoday

මමත් එදා චන්ද්‍රිකාට බැන බැන, අඬ අඬා හිටියානම් යුද්දය තවත් ඉවර නෑ..

colombotoday