Colombo Today Local News

‘ඇමතිකමෙන් ඉවත් කළොත් බැඳුම්කර රහස් එළි කරනවා‘ ප්‍රබල ඇමතිගෙන් අගමැතිට තර්ජණ !

තමන් දරණ ඇමති ධුරයෙන් ඉවත් කළහොත් පාර්ලිමේන්තුවේ පසුපෙළ වාඩිවී, බැඳුම්කර ගනුදෙනුවට අදාළ සියලු රහස් හෙළිකරන බව ප්‍රබල ඇමතිවරයෙකු අගමැතිවරයාට දිගින් දිගටම තර්ජනය කරමින් සිටින බව ‘සිරිකොත‘ එජාප ආරංචිමාර්ග පවසයි.

මාස ගණනක සිට කතාබහට ලක්වන කැබිනට් සංශෝධනයට අගමැතිවරයාගේ අනුමැතිය මෙතෙක් නොලැබීමට එයද ප්‍රබල හේතුවක් වී ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි.

තම ඇමති ධුරය රැක ගැනීම සදහා අදාළ ඇමතිවරයා ආගමික නායකයන් කිහිප දෙනෙකුට අති නවීන මෝටර් රථ තෑගි කර ඇති බවද පසුගිය දිනවල මාධ්‍යවල පලවිය.

මේ අතර අගමැතිවරයා තවදුරටත් කැබිනට් සංශෝධනයට එකග නොවන්නේ නම් මීළග කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු තමා කැබිනට් රැස්වීම්වලට සහභාගී නොවන්නේ යැයි ජනාධිපතිවරයා එජාප ප්‍රබලයෙකුට පවසා ඇති බවද වෙබ් අඩිව වාර්තා කර තිබේ.

වෙසක් පොහොයට පෙර කැබිනට් සංශෝධනය සිදු කරන බවට ජනාධිපතිවරයා මාධ්‍ය වෙත දුන් පොරොන්දුවට අනුව ඉදිරි දෙදින ඇතුළත එම සංශෝධනය සිදු කළයුතුව ඇති අතර, ඊට එජාපයේ අනුමැතිය ලැබී නොමැති නිසා ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ පමණක් ඇමති ධුර සංශෝධනය කරනු ඇති බවටද ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර ඇමති විජේදාස රාජපක්ෂ මහතා වෙබ් අඩවියකට ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය නිම වන තෙක් කැබිනට් සංශෝධනය නොකෙරෙනු ඇති බවයි.

Related posts

ශ්‍රී සුමංගල විදුහලේ රාමසාන් සමරන්න ගිහින් උණුසුම් තත්ත්වයක්.. දෙමාපිය විරෝධයෙන් සංහිදියා නාඩගම අකුලාගනී

colombotoday

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

colombotoday

වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රවලට ඉරානයේ සහය… තෙල් හුවමාරු පිළිබඳව සාකච්ඡා

colombotoday

කොවිඩ් ආසාදනය වූ රුසියානුවා ඇතුළු පිරිස සාමාන්‍ය සංචාරකයින් ලෙස මාතර නගරයේ සැරිසරලා – PHI සභාපති කියයි

colombotoday

පොලිසියේ සිටින පිරිමි ටික උසාවි යාම අවලස්සන තත්වයක්

colombotoday

සහනාධාර කප්පාදුව හරහා ගොවි පරපුර කුඹුරෙන් ඉවත් කරන කුමන්ත්‍රණය!

colombotoday