Colombo Today Local News

මුලතිව් තවත් අක්කර 279ක් මුදාහැරේ !

මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ පැවැති ඉඩම් ගැටළුවට විසඳුමක් ලෙස කේපාපිලව් සහ සීනියාමුඩෙයි ප්‍රදේශවලින් ඉඩම් අක්කර 279 ක් ඉඩම් අහිමි ජනතාවට ලබා දීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එකඟ වී ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා සඳහන් කරයි.

තමා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අතර සාකච්ඡාවක් පැවැති බවත් එහිදි ඉහත තීරණය ගෙන ගත් බවත් ඇමැතිවරයා කියයි.

මේ අනුව කේපාපිලව් ගම්මානයේ රජය සතු ඉඩම් අක්කර 248 ක් සහ සීනියාමුඩෙයි ගම්මානයේ පෞද්ගලික ඉඩම් අක්කර 31 ක් ලබන මැයි 15 වැනිදාට පෙර නිදහස් කිරීමට නියමිතය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය රුපියල් මිලියන පහක මුදලක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ගෙවා තවත් පෞද්ගලික ඉඩම් අක්කර 189 ක් නිදහස් කරගැනීමට නියමිතව ඇත.

Related posts

තවත් ග්‍රාම නිලධාරී වසම් 2ක් හුදකලා කෙරේ

colombotoday

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin

‘සිරගත හමුදාසෙබළු දේශපාලන සිරකරුවන් බව හිටපු ජනපති කියනවා, ඔහුට බන්ධනාගාරයට යෑමට ඉඩ‍නොදෙනු’ අසාද් සාලි

colombotoday

ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ 16 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි

colombotoday

වාසු ප්‍රබල තීරණයක් ගනී

Admin

සිරකරුවන් 11,000ක් නිදහස් කර අවසන්

colombotoday