Colombo Today Local News

ඕස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි.. විදේශිකයන්ට මින් මතු ස්ථීර පදිංචියට අවසර නෑ !

ශ‍්‍රී ලාංකිකයන් ඇතුලු විදේශිකයන්ට බලපාන පරිදි පුහුණු ශ‍්‍රමික හෙවත් ස්කිල්ඞ් මයිගේ‍්‍රෂන් වීසා නිකුත් කිරීමේ ක‍්‍රමවේදය සංශෝධනය කිරීමට ඕස්ටේ‍්‍රලියා රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එරට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා පහසු මාර්ගයක් ලෙස සැලකුණු පුහුණු ශ‍්‍රමිකයන් සඳහා බල පැවැත්වූ 457 වීසා කාණ්ඩය අහෝසි කරන බවයි අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා නිවේදනය කර ඇත. ලාංකිකයන් වැඩි වශයෙන් ඔස්ටේ‍්‍රලියාවේ රැකියා සඳහා යොමුවුයේද මෙම වීසා කාණ්ඩය ඔස්සේයි.

ඕස්ටේ‍්‍රලියා ජාතිකයන්ට වැඩි වශයෙන් රැකියා අවස්ථා පිරිනැමීමේ අපේක්ෂාවෙන් මෙම තීරණය ගන්නා බවයි මැල්කම් ටර්න්බුල් මහතා කියාසිටියේ. මින් ඉදිරියට විදේශික පුහුණු ශ‍්‍රමිකයන් වෙනුවෙන් ස්ථිර වීසා නොව තාවකාලික වීසා කාණ්ඩ 2 ක් යටතේ වීසා නිකුත් කෙරෙනු ඇති. එහෙත් ඉහතදී මෙන් වෘත්තීන් රැසකින් සමන්විත ලැයිස්තුව වෙනුවට කෙටි ලැයිස්තුවක් පමණක් සලකා බැලෙනු ඇති. ඒ සඳහා සලකා බැලෙන සුදුසුකම් අවශ්‍යතා සංඛ්‍යාවද ඉහළ දමා තිබීම විශේෂත්වයකි.

457 වීසා කාණ්ඩය යටතේ පසුගිය වසරේදී පුද්ගලයන් 95758 කට ඔස්ටේ‍්‍රලියාවේ ස්ථිර පදිංචිය පිරිනමා තිබුණු අතර ඉන් බහුතරය ඉන්දියානුවන් වූ අතර බි‍්‍රතාන්‍ය ජාතිකයන් සහ චීන ජාතිකයන් පිළිවෙලින් 2 වන හා 3 වන ස්ථානවල පසුවුණා. මොවුන්ගෙන් වැඩි පිරිසක් සූපවේදීන් / පරිඝණක මෘදුකාංග ශිල්පීන් හා සෞඛ්‍ය සේවකයන් ලෙසයි සේවයේ නිරතවූයේ.

පැවති පුහුණු ශ‍්‍රමික ලැයිස්තුවේ පැවති රැකියා 650 න් 200ක් යෝජිත ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. කෙසේවෙතත් දැනට ඔස්ටේ‍්‍රලියා පුහුණු ශ‍්‍රමික වීසා හිමි කිසිවෙකුටත් නව ක‍්‍රමයෙන් බලපෑමක් එල්ල වන්නේ නැහැ. නව ක‍්‍රමය යටතේ දැඩි වීසා ප‍්‍රතිපත්තියක් යටතේ වීසා පිරිනැමෙන්නේ වසර 2 ක් සඳහා පමණයි. ඔවුන්ටද ස්ථිර පදිංචිය ලබා නොදෙන බව ඔස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අවධාරණය කර ඇත.

Related posts

Video – තනපටයට කොමිසමක් දාන්න හදන ආණ්ඩුවට බොදු බලෙන් අභියෝගයක්!

colombotoday

උලමා සභාවේ බලය අත්පත් කර ගන්න අන්තවාදීන් දෙකට බෙදී සීතල යුද්ධයක.

colombotoday

වැරදි හදාගන්න… විල්පත්තුවේ කැපූ ගස්වල හිලව්වට ගස් ලක්ෂයක් හිටවන්නැයි ජනපති ඇමති රිෂාඩ්ට කියයි..

colombotoday

වසර 2500ක බොදු උරුමයක් ඇති රටක ඉපදීමට ලැබීම අප ලද භාග්‍යයක් – අගරදගුරුතුමන්ගේ වෙසක් සුබ පැතුම

colombotoday

කුඩු වික්ක ග්‍රාම නිලධාරියෙකු අල්ලයි

Admin

අද පැවැත්වීමට තිබූ විරෝධතා පා ගමනකට අධිකරණ නියෝගයක්

colombotoday