එළඹෙන පළාත් පාලන මැතිවරණය සදහා පක්ෂය සූදානම් කරන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ශ්රීලනිප ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබෙනවා.
ඒ ඊයේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති ශ්රීලනිප ආසන සංවිධාකයන් සමග පැවති හමුවේදීයි.
තමන් මැතිවරණවලට බය නැති බවත්, මැතිවරණ තියනා හැටි තමන් දන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී අසන සංවිධායකවරුන් සමග ප්රකාශ කර ඇත.
සෙනග පෙන්වීමට රැස්වීම තියලා ඡන්ද දිනන්න කිසිවෙකු හිතන්නේ නම් එය විහිළුවක් බවත් රටේ ජනමතය එසේ තීරණය කරන්නට නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.