Colombo Today Local News

පන්නිපිටිය උණුසුම්… බෝධිය කපා ඉවත් කිරීමට එරෙහිව විරෝධතා.. පොලීසිය සීරුවෙන් !!

අවුරුදු 300 ක් පැරණි යයි සැළකෙන පන්නිපිටියේ මල්ලරාව හන්දියේ පිහිටි බෝධීන් වහන්සේ කපා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අද උදෑසන කපා ඉවත් කිරීමට සැලසුම් කිරීමත් සමග භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් එම ස්ථනයට එක්ව සිටින අතර, පොලිස් බලඇණි කිහිපයක්ද කැදවා තිබේ.

එම පිරිස විසින් දිගින් දිගටම කල විරෝධතාවය හේතුවෙන් ඒ අසලට පැමිණි පොලිස් නිලධාරීන් විසින් ප්‍රාදේශීය ලේකම්වරිය ගෙන්වීමට කටයුතු කළ අතර, ඇය කියා සිටියේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කල ඉල්ලීමකට අනුව අදාල අනුමැතිය ලබා දුන් බවයි.

කෙසේ වෙතත් මීට මාස කිහිපයකට ඉහතදීද නාගරික සංවර්ධන අධිකාරිය මෙම බෝධීන් වහන්සේ ඉවත් කිරීමට උත්සහ කල අතර එම අවස්ථාවේදී සංවිධාන කිහිපයක භික්ෂූන්වහන්සේලා ඇතුළු පිරිසකගේ මැදිහත් වීමෙන් එම උත්සාහය වැලකී ගියා. එම අවස්ථාවේදී පිරිත් දේශනා කරමින් බෝධීන් වහන්සේ චීවර ගත කිරීමක්ද සිදු කරන ලදි.

Related posts

17 වෙනිදා ගෝඨා දිනනවා, ඊට පසුවදාම අපි ඇමතිලා වෙනවා – SB

colombotoday

කටුනායක ගුවන් තොටත් කොටස් වශයෙන් විකිණෙයි…

colombotoday

නිලධාරීන්ට පහර දී පැනයන්න හැදු නිරෝධායන පිරිසකට වෙඩි තබයි

colombotoday

කොරෝනා පාලනය කරන්න රටම නොහැකි නම් පළාත් වශයෙන් ලොක්ඩවුන් කරන්න

colombotoday

සජිත්ගේ නගින කාලය ඇවිත්ලු! හිරුණිකා කියන හරුපය

colombotoday

මහනුවර ඇසළ පෙරහැරේ විදුලි බිල ගැන අද විශේෂ සාකච්ඡාවක්

Admin