World

තවත් රටක් බුර්ඛාව තහනම් කරයි

අධිකරණ පරිශ්‍ර, පාසල් සහ පොදු ස්ථාන වල සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන සේ බුර්කාව හැඳීම තහනම් කිරීමට ඕස්ට්‍රියාවේ පාලක සන්ධානය තීරණය කොට තිබේ.

‘සෝෂල් ඩිමොක්‍රටික්’ පක්ෂය සහ ‘කොන්සර්වේටිව් පීපල්ස්’ පක්ෂය අතර සතියක කාලයක් පුරා පැවති පාර්ලිමේන්තු විවාදයේ ප්‍රතිපලයක් ලෙස ඕස්ට්‍රියාව මෙම එකඟතාවට පැමිණ ඇත.

පසුගිය කාලය තුළ යුරෝපා රටවල් කිහිපයක්ම පොදු ස්ථාන වල සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන සේ බුර්කාව හැඳීම සහ නිකාබ් ඇඳුම සපුරා තහනම් කිරීමට පියවර ගනු ලැබුණි.

පසුගිය දෙසැම්බර් මාසයේ ජර්මානු චාන්සලර්වරිය ඇන්ගෙලා මර්කල් එරට පාසල් සහ අධිකරණ පද්ධතිය ඇතුළු රාජ්‍ය දෙපාර්තමේන්තු ගොඩනැගිලි තුළ බුර්කාව හැඳීම තහනම් කිරීම සුදුසු බව ප්‍රකාශ කළාය.

Related posts

“ඉවසුවා ඇති.. මානවහිමිකම් නීති පැත්තක දමා ත්‍රස්තවාදයෙන් රට බේරාගන්නවා“ – බ්‍රිතාන්‍ය අගමැතිණිය

colombotoday

දකුණු කොරියාවට විපක්ෂයෙන් අලුත් ජනපතිවරයෙක්

colombotoday

සෞදි අරාබිය 2020දී බංකලොත් වෙනවා – IMF

colombotoday

චීනයට එරෙහිව ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා ඕස්ටේ‍්‍රලියාව එක්ව කඳවුරු බඳී

colombotoday

ඇමරිකාවේ නව ජනපතිට ඉන්දියානුවන්ගේ සුභ පැතුම්

colombotoday

පෘථිවියට සමාන වූ තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

Admin