World

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ අසාධාරණම නඩු තීන්දුව ලැබුණු කැත්ලීන්ට වසර 20කට පසු සමාව

ඇය ප්‍රසිද්ධව සිටියේ ඔස්ට්‍රේලියාවේ “දරුණුතම සමූල ඝාතක කාන්තාව” ලෙසිනි.

ඒ තම දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට ඇයට චෝදනා එල්ලවූ අතර ඒ හේතුවෙන් 2003 වසරේදී ඇයව වසර 25කට සිරගත කෙරිණි.

නමුත් නව විද්‍යාත්මක සාක්ෂි අනුව නිගමනය කර ඇත්තේ එම දරුවන් ස්වාභාවික හේතු මත මරණයට පත්වී ඇති බවය.

එම කරුණු සලකා බැලූ ඔස්ට්‍රේලියානු බලධාරීන් කැත්ලීන් ෆෝල්බිග් ව නිදහස් කර තිබෙන අතර ඒ වනවිට ඇය වසර 20ක් සිරගෙදර ගතකර තිබුණාය.

ඇයට චෝදනා එල්ලවී තිබුණේ කැලෙබ්, පැට්‍රික්, සාරා සහ ලෝරා දරුවන් සිව්දෙනාව වසර 10ක කාලයක තුළ ඝාතනය කළ බවටය.

ඇය පැවසුවේ තමා දරුවන් ඝාතනය නොකළ බවය.

විද්‍යාත්මක කරුණු පදනම්ව හෙළිවී ඇත්තේ ජානමය ගැටලුවක් මත එම දරුවන් මරණයට පත්වී ඇති බවය.

දැනට 55 හැවිරිදි වියේ පසුවන කැත්ලීන් ගේ සිදුවීම සඳහන් වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙතෙක් වාර්තා වූ අසාධාරණම නඩු තීන්දුවක් ලෙසටය.

Related posts

ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම. ස්පාඥ්ඥ මුස්ලිම් ප්‍රජාවේ ඉහලම නායකයාගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

colombotoday

තවත් රටක් බුර්ඛාව තහනම් කරයි

colombotoday

යුද ගිනි මැද බ්‍රිතාන්‍ය අගමැතිත් ඊශ්‍රායලයට ළාඟා වෙයි

Admin

ලෝක නායකයින්ට පුටින් අනතුරු අඟවීමක්

colombotoday

ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රකාශ කිරීම අදයි

colombotoday

ඉන්දීය හා චීන හමුදාව යළි ගැටෙයි

colombotoday