Colombo Today Local News

පන්දම් පත්තු කර නැටූ පූසාරි ගිනි ඇවිලී මිය යයි

අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැර උත්සවයට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී පූසාරි වරයකුගේ සිරුරට ගිනි ඇවිලීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ කෝවිලක පූසාරි වරයකු ශිව ශී සුන්දරේශන් නැමැති කුරුක්කල් තනතුර දරන 44 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පූසාරි වරයා කෝවිල් උත්සවයේ දී පන්දම් පත්තු කර නර්තනයේ යෙදෙමින් සිටියදී අත දරා සිටි පන්දමෙන් එක වරම ඇඳ සිටි සාරිය ට ගිනි ඇවිලි අනතුරුව හිසට දමා සිටි බොරු කොණ්ඩයට ද ඇවිලී මුළු සිරුරම ගිනි ජාලාවකින් වෙලි ඇතැයි පොලිසිය පවසයි.

වහා ක්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි පිරිස ගින්න නිවා දමා පූසාරි වරයා ත්‍රි රෝද රථයකින් පිඹුර රෝහලට ඇතුළත් කර මුලික ප්‍රතිකාර ලබාදී කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබිණි.

Related posts

නවතම කොවිඩ් වෛරස් කාණ්ඩය වාර්තා වන්නේ සමාජයෙන්.. ලාංකිකයන්ට ආවේණිකයි.

colombotoday

ඉතිහාසයේ මුල්වරට ඩොලරය 152 පනී.. රුපියල දෙවසරකදී රු 20කින් බාල්දු වේ

colombotoday

ජනාධිපති ධුර අපේක්ෂකයෙක් අභාවප්‍රාප්ත වෙයි

Admin

කහ කිලෝ 1,559 ක් ප්‍රවාහනය කරමින් සිටියදි STF වටලයි.

colombotoday

ඇඹිලිපිටිය රෝහලේ සැත්කම් වලට බාධා

Admin

නිදහස් වෙළඳ කලාපවල කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර ගියද ආයතන වසා නැහැ

colombotoday