Colombo Today Local News

කෝටියකට අධික රත්‍රන් ගෙනා ප්‍රංශ ජාතිකයෙක් මාට්ටු

රුපියල් අට කෝටියකට අධික වටිනාකමින් යුත් රත්‍රන් මෙරටට රැගෙන ඒමට උත්සාහකළ ප්‍රංශ ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු කිලෝග්‍රෑම් 4.611ක් බරැති රත්‍රන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සාහ දරා ඇත.

එම පුද්ගලයාව ශ්‍රී ලංකා රේගුවේ මැණික් සහ ස්වර්ණාභරණ තක්සේරු අංශයේ සහ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

35 හැවිරිදි මෙම ප්‍රංශ ජාතිකයා මීට පෙර අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර, මෙවර ඔහු පැය 24ක කාලයක් සදහා පමණක් මෙරටට පැමිණීම සැලකිල්ලට ගනිමින් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම රත්‍රන් තොගය හමුවී තිබේ.

මේ පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව එම රත්‍රන් තොගය රාජසන්තක කර ඇති අතර මෙම ප්‍රංශ ජාතිකයාට රුපියල් කෝටි 07ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.

මෙම දඩ මුදල ගෙවීමට මෙම ප්‍රංශ ජාතිකයා අසමත්වීමත් සමග ඔහුව මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා වෙත ඉදිරිපත් කර ඇත.

එහිදී සැකකරුව ජූනි 08 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Related posts

පසුගිය පැය 24 ට නිරෝධායන නීති කඩ කර අත්අඩංගුවට පත් ප්‍රමාණය මෙන්න

colombotoday

හැසිරීම අනුමත කරන්න බෑ… එක තරගයක් දින්න කියල ඔහොම දඟලන්න අවශ්‍ය නැහැ

colombotoday

ආදායම් බදු පැහැර හැරීම් සඳහා දඩ මුදල් අය කිරීම 2020 ජූලි මාස සිට යලි ක්‍රියාත්මකයි

colombotoday

පාපකර්මයක් පල දුන්නා.. හොදම මුදල් ඇමති වූ මට අවස්ථාවාදීන් ඊර්ෂ්‍යා කලා

colombotoday

ගෝඨාභයට එරෙහි ඇවන්ගාඩ් නඩුව අත්හිටුවයි… ඊයේ උසාවිය දුන් තීන්දුව මෙන්න

colombotoday

මැදමුලන රාජපක්ෂ සමාධියටත් FCID පනී

colombotoday