Colombo Today Local News

ජනපති දොස්මුරයෙන් හොදටම රිදෙයි.. අල්ලස් ලොක්කී ඉල්ලා අස්වී යන්න යයි !

dilrukshi-wickremasinghe

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය එසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ, ”අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරන්නේ නම් තමන්ටත් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට සිදු වන බවට” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා (12) සිදු කළ ප්‍රකාශයට විරෝධය පාමිනි.

මේදිනවල නිල සංචාරයක් සඳහා මැලේෂියාවට ගොස් සිටින දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය, යලි දිවයිනට පැමිණි වහාම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතව ඇතැයි ද පැවසේ.

‘ඇවන්ගාඩ්’ සිද්ධිය සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හිටපු නාවික හමුදාපතිවරුන් වෙත කොමිසම මගින් නඩු පැවරීම ඊයේ ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

Related posts

ඊ නිව්ස් සදරුවන් බේරාගන්න ආණ්ඩුහිතවාදී වෙබ් මාධ්‍ය මෙහෙයුමක්.. නීතියටත් අභියෝග කරයි !

colombotoday

මාලි සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික අණදෙන නිලධාරියා වෙනුවෙන් රජයෙන් අභියාචනයක්

colombotoday

ඤාණසාර හිමියන් නිදහස් කරන තුරු භික්ෂූන්වහන්සේලා අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹති…

colombotoday

ඉල්ලා අස්වීම ජනපතිගේ සමීප නිලධාරියෙකු අතේ. – නියෝගය ලැබුන සැනින් කතානායකට

colombotoday

ගෝඨාභය ජනාධිපතිවරණයට එනවාට විරුද්දද.. ඇමරිකානු තානාපතිගෙන් නිල ප්‍රකාශයක්

colombotoday

“අගමැතිට එරෙහි විශ්වාසභංගය හඩ අනුව සම්මතවුණා“ – කිරිඇල්ල “ඡන්ද විමසීමක් වුණේ නෑ“ – අනුර යාපා

colombotoday