Colombo Today Local News

පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයක

යාපනය,කන්කසන්තුරය තිස්ස මහා විහාරයේ බෞද්ධ ඉදිකිරීම්වලට එරෙහිව දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් කණ්ඩායම් සංවිධානය කළ විරෝධතාවයක් අතරතුර පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවටගත් බව පලාලි පොලිසිය පවසයි.

විරෝධතාවය අතරතුර දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු විරෝධතාකරුවන් අට්ටාලයක් සකස්කර විහාරස්ථානයට විරෝධය පලකරමින් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමත් සමඟ එය වැලැක්වීමට උත්සහ කිරීමේදී විරෝධතාකරුවන් අතර දැඩි නොසන්සුන්කාරී තත්වයක් හටගෙන ඇත.

විරෝධතාකරුවන් නොසන්සුන්ව හැසිරෙමින් විහාරස්ථානයට හා ආරක්ෂක අංශ වෙත විරෝධය පලකිරීමත් සමඟ පොලිසිය හා යුද හමුදාව එක්ව තිස්ස විහාරය අවට ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති අතර රාත්‍රියේ විහාරස්ථානය අවට මාර්ග වසා දැමීමට පියවර ගෙන ඇත.

විරෝධතාකරුවන් පවසා සිටින්නේ යුද හමුදාව පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් වෙහෙර විහාර ඉදිකිරීම් සිදුකරන බවත් එම ඉදිකිරීම් නවතාදමා සිවිල් ජනතාවට ඉඩම් ලබාදෙන ලෙසත්ය.

විහාරයේ චෛත්‍ය ඇතුළු ඉදිකිරීම් සඳහා කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවත් බලහත් කාරයෙන් මෙම ඉදිකිරීම් සිදුකොට ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කරයි.

Related posts

හොරකමයි දූෂණයයි දැන් නෑ

Admin

උද්දික ඉල්ලා අස්වෙයි

Admin

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් එක් කර නොගන්න – කොටි හිතවාදීන් ඉල්ලයි

colombotoday

‍රෝගීන් අපහසුතාවට ලක් කරමින් අපේක්ෂා රෝහල් කාර්ය මණ්ඩලය දේශපාලන සමුළුවකට ගිහින්

Admin

වයසක නෝනලා චූන් කරන පිරිමි ගණිකා මන්ත්‍රී ගැන විමල් කියයි

colombotoday

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

colombotoday