Colombo Today Local News

දිගු පෝලිම් හා මහජන නොසන්සුන්කාරී තත්වයන්ට හේතුව විගණන වාර්තාවකින් අනාවරණය වෙයි

ආර්ථික අර්බුදකාරී තත්වය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව අලෙවි නියෝජිතයන් අතර බෙදාහැරිය යුතුව තිබු ඉන්ධන ලීටර් කෝටි 1.6ක් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම විසින් බෙදා හැර නැති බවද එයින් දිගු පෝලිම් හා මහජන නොසන්සුන්කාරී තත්වයන් නිර්මාණය වූ බවද විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මෙම කාලවකවානුවේ තවත් ඉන්ධන ලිටර් කෝටි 1.6ක් ප්‍රමුඛතා ලැයිස්තුව නොසළකා හරිමින් බෙදා හැර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව ඉන්ධන බෙදාහැරිමේදි අසමානතා දක්නට ලැබුණ බවද එම වාර්තාවේ සඳහන්වේ.

එම විගණන වාර්තාවට අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 හෝ 95 අලෙවි නියෝජිතයන් 120 දෙනෙකුට ලබාදි නොතිබු අතර අලෙවි නියෝජිතයෝ 22 අතර බෙදාහැර තිබුනේ ලංකා පෙට්‍රල් ලීටර් 6600ක් පමණි.

එහෙත් බෙදුම්කරුවන් 08 දෙනෙකු අතර ඉන්ධන ලීටර් 210,000ක් බෙදාහැර ඇත.

ලංකා ඔටෝ ඩීසල් අලෙවි නියෝජිතයෝ 73 දෙනකුට ඩිසල් කිසිවක් ලබාදි නොතිබු අතර අලෙවි නියෝජිතයෝ අට දෙනෙකු අතර බෙදාහැර තිබුණේ ලීටර් 6ල600ක් පමණිග එහෙත් අලෙවි නියෝජිතයෝ ලීටර් 2,00,000කට වැඩි ප්‍රමාණයක් බෙදාහැර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමණාකාරිත්වය සඳහන් කරන්නේ එවැනි තත්වයක් පැවති බව පිළිගන්නා අතර එය අදාල අලෙවි නියෝජිතයන්ගෙන් මුදල් නොලැබීමල ඇණවුම් නොලැබීම ආදී කාරණා නිසා සිදුව ඇති බවය.

එසේම ඇතැම් බෙදුම්කරුවනට වැඩි ඇණවුම් ප්‍රමාණයක් ලැබී තිබුණ බවද සමා ජඅසහනය දුරලීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තම ආයතනය කටයුතු කළ බවද ගැටලුව නිවැරදි කිරිමට කටයුතු කළ බවද ඔවුන් සඳහන් කර තිබේ.

මෙම තොරතුරු ඇතුළත් වන්නේ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ 2021 වසරේ දෙසැම්බර් 31 දිනට අදාල විගණන වාර්තාවේය.

Related posts

එට්කා ගිවිසුමේ ප්‍රධාන උපදේශකවරයා, ආචාර්ය සමන් කැලේගම මියයයි !

colombotoday

සමගිපුර මහල් නිවාසයේ තුන්වන මහලෙන් විසි කළ දරුවෙක් මරුට

Admin

කොරෝනා ආසාදිත සිසුවකු ලන්ඩන් ඕලෙවල් ලියන්න ඇවිත්. | මාමාට නිරෝධායන පනත යටතේ නඩු.

colombotoday

වසවිස නැති, කොන්ද පණ තියන කෙනෙක් මීළග ජනාධිපතිකමට ගේනවා – රතන හිමි

colombotoday

හැංගිලා ඉන්න පඳුරකින් එලියට එන්න – විමල් විරවංශ ඇමති සාගලට කියයි

colombotoday

මත්ස්‍ය ආනයන වියදම් සීමා කිරීමට අංශ කිහිපයක් යටතේ සැලසුම් සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday