Colombo Today Local News

නිවෙස් වලට පනින කුඩ්ඩා මාංචු පිටින් මුහුදට පැන පීනා යයි

නිවෙස් වලට හොර රහසේ ඇතුළු වී දේපොළ සොරා ගත් බව කියමින් කතලුව දුම්රිය ස්ථානය අසලදී අත්අඩංගුවට ගත් පුද්ගලයකුට අත් විලංගු දමා යතුරු පැදියකින් අහංගම පොලිස්ථානය වෙත රැගෙන එමින් සිටියදී යතුරු පැදිය පෙරැළීමට සලස්වා පසුව මුහුදට පැන පිහිනා පලා ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.

පසුව පලාගිය සැකකරු කොක්ගල පාලම අසල පිහිටි කාන්තාවකගේ නිවසට රිංගා ගෙන සිටින බවට ලැබුණු තොරතුරක් මත එම පොලිස් නිලධාරීන් දෙදෙනා එම නිවස වටලා ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ද එම නිවසෙන් ද පලා ගොස් ඇතැයි වාර්තා වේ.

සැකකරු එම නිවසට රිංගා සැඟව සිට ඇත්තේ අත් විලංගු පිටින් ම යැයි පොලිසිය පවසයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම පොලිසියේ පොලිසියේ සැරයන් නන්දසිරි 34148සහ පොලිස් කොස්තාපල් කොස්තාපල් ඉෂාන් 36166යන මහත්වරුන් විසිනි.

Related posts

අපේ අරමුණ මහින්ද අගමැති කරවීමයි…

colombotoday

මහින්දානන්ද අලුත්ගමගේ ඇප පිට නිදහස් කෙරේ

colombotoday

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කර පාසල් සිසු රක්ෂණය පෞද්ගලික සමාගමකට?

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday

උමාඔය ව්‍යාපෘතියේ භූමි පැල්මකින් ජලය මතුවෙයි.. පවුල් 100ක් හදිසියේ ඉවත් කරයි

colombotoday

වසර ගණනකට පසු පොලිස් පොඩ්ඩන් 9317කට උසස් වීම් දෙන්න කැබිනට් අනුමැතිය

Admin