Colombo Today Local News

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් කරයි

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් වෙත පිළිගැන්වීය.

මෙත් සවිය නිර්මාතෘ තාරකා විද්‍යාඥ, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් “මෙත් සවිය මනස අධ්‍යාපන මෛත්‍රී සංසදය “මගින් විල්ලුව වැව මධ්‍යයේ ඉදිකළ අඩි 102 ක් පමණ උසින් යුත් සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරිම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

ඓතිහාසික මහියංගනය මහ සෑ රඳුන්ගේ ආරක්ෂාව පිණිසත්, විහාර අලංකරණය පිණිසත් ඉදිකළ අඩි 2500ක දිගින් යුත් වලාකුළු බැම්ම විවෘත කිරීමට අදාළ සමරු ඵලකය ද ජනාධිපතිවරයා අතින් නිරාවරණය කෙරිණි.

Related posts

උදයංග තවමත් ඩුබායි.. අපි ගිහින් අල්ලන් එනවා – විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

වික්ටර් රත්නායකගේ බිරිය යළි රිමාන්ඩ්

colombotoday

උලමා හා ISIS සම්බන්ධතා පිළිබදව බොදු බලේ ප්‍රශ්න කරයි…

colombotoday

මහ නාහිමිවරුන්ගේ ප්‍රකාශ ජනතා මතයයි… අප එයට ගරු කළ යුතුයි – මධ්‍යම ආණ්ඩුකාර නිලූකා

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අද

colombotoday

කිරි තේ ගිලන්පසට ලුණු දමා දීලා.. 1500 ක බිලකුත් ගෙවන්න කියලා !

colombotoday