Colombo Today Local News

ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට

මීට දශක දෙකකට පෙර තායිලන්තය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට පැමිණීමට ජූලි 1 වැනිදා ශ්‍රී ලංකාවෙන් ගමන් ආරම්භ කරනු ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.

නිසියාකාරයෙන් රැක බලා නොගැනීම සහ රෝගාතුර වී සිටීම හේතුවෙන් ප්‍රතිකාර ලබා දීමට සක් සුරින් නැවතත් තායිලන්තයට රැගෙන ඒමට තායිලන්ත රජය තීරණය කර තිබෙන බව එරට මාධ්‍ය පෙන්වා දී තිබේ.

තායිලන්ත රජය 2001 වසරේ ශ්‍රී ලංකාවට තෑගි දුන් ඇතුන් තිදෙනාගෙන් එක් ඇතකු වන සක් සුරින් නැවතත් තායිලන්තයට ගෙන්වා ගත හැකි ක්‍රමයක් පිළිබඳව තායිලන්ත රජය දීර්ඝ කාලයක සිට සොයා බලමින් සිටි බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණ.

තායිලන්ත රජය කුලී පදනම මත ලබා ගත් රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක නව කූඩුවක් ඉදිකිරීමෙන් පසු සහ සක් සුරින් රැගෙන පියාසර කිරීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව එළඹෙන ජූලි 1 වැනිදා සක් සුරින් නැවතත් තායිලන්තය බලා රැගෙන එනු ඇතැයි තායිලන්ත මාධ්‍ය සඳහන් කර ඇත.

Related posts

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස්නාහිර පොලිස් නිලධාරින් 37ක් ගැන තීරණයක්

colombotoday

බරවා තුරන් කළ රටක් ලෙස ලංකාව නම් කෙරේ

colombotoday

මාධ්‍ය නිදහස යහපාලනයෙන් බල්ලට යයි.. මාධ්‍යවේදීන් 2ක් CIDයට දක්කයි. වැඩේ කුජීතයි රාජිත

colombotoday

සන්හිදියාවට බාදාවක් යැයි පවසමින් කිලිනොච්චියේ යුධ සැමරුමක් ඉවතට…!!

colombotoday

ශානිගෙන් හා තිසේරාගෙන් ප්‍රශ්න කරයි

colombotoday

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

Admin