Colombo Today Local News

පළාත් පාලන ආයතනවල ප්‍රමුඛ කාර්යය ඩෙංගු රෝගය පාලනය කිරීමයි – ඇමති ප්‍රසන්න කියයි

පළාත් පාලන ආයතනවල ප්‍රමුඛ කාර්යය ඩෙංගු රෝගය පාලනය කිරීම බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊයේ(24)දින ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ සඳහා අවශ්‍ය සැලසුම් නිලධාරීන් විසින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාට ලබාදිය යුතු අතර එවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ප්‍රශ්න විසදා ගැනීමට හැකියාව ලැබෙන බව අමත්‍යවරයා පෙන්වා දුනි.

එමෙන්ම රාජකාරිවලදී මතුවන ඉන්ධන අර්බුද නව සැලසුම් මගින් විසදා ගැනීමට හැකියාව ඇති අතර ඩෙංගු මර්දන රාජකාරිවල යෙදෙන නිලධාරීන් වෙනත් රාජකාරි කටයුතුවල යොමු නොකරන ලෙසයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

අධිකරණය වන්දි ගෙවා නිම නොකල මෛත්‍රී ඇතුළු පිරිසගේ වත්කම් සොයයි

Admin

ඤාණසාර හිමිට මොකද වුණේ? – Colombo Today ‘රට යන අත‘ කථිකාචාර්ය දිලන්ත විතානගේ සමග…

colombotoday

බාල්දු වීමේ ලෝක වාර්තාව රුපියලට හිමියි. ඉතිහාසයේ මුල් වරට ඩොලරයක් රු142ට නගී.

colombotoday

සජිත් හෙට විශේෂ හමුවක!

Admin

යාපනය කොට්ඨාසයේ ජය සජිත්ට

colombotoday

මම විදුලි වගකීම් දරපු කාලෙ විනාඩියක්වත් ලයිට් කැපුවෙ නෑ. දැන් ලයිට් කපන්නේ අපි ඉවත් වුණ නිසයි – අජිත් පි පෙරේරා

colombotoday