Colombo Today Local News

දේශපාලන පක්ෂවලට සහ පොලිස් නිලධාරීන්ට පොලිස් ඇමතිගෙන් විශේෂ ස්තූතියක්

ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ඊයේ (1)දින පැවැත්වූ පෙළපාලි හා මැයි දින රැලි සාමකාමීව පැවැත්වීම, නීතිය හා සාමය නිසි පරිදි පවත්වා ගෙන යාම හා රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරීන්ට සිය රාජකාරී කටයුතුවලට බාධා නොකර සහයෝගය දැක්වීම පිළිබඳව සියලු ම දේශපාලන පක්ෂවලට හා සංවිධානවලට සිය ස්තුතිය පිරිනමන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ඊයේ මැයි දින සැමරුම් පෙළපාලි හා රැස්වීම් පැවැත්වූ සෑම ස්ථානයක ම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කළ බව ත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන් ම, මහජන ආරක්ෂාව වෙනුවෙන් දැඩි කැප කිරීමකින් රාජකාරී කටයුතු නිසි පරිදි ඉටු කළ සියලු පොලිස් නිලධාරීන්ට ත් තමාගේ ස්තුතිය පිරිනමන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

විහාරස්ථාන 6ක් පූජා භූමි ලෙස නම් කරයි.

Admin

කේරළ ගංජා කිලෝ 61ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට

colombotoday

තුර්කියේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වීම ගැන අගමැති සතුට පලකරයි!

colombotoday

නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට යළි අනතුරු ඇඟවීමක්

Admin

තේක්ක දැව කදන් ලොරියක් බලන්ගොඩදී අත්අඩංගුවට

colombotoday

බැසිල් පාරෙත් ලයිට් නිවයි

colombotoday