අම්පාර, පානම ප්‍රදේශයේ පිහිටි පාසලක අධ්‍යාපනය හදාරන අවුරුදු පහක් වයසැති දැරියකගේ කනට ගසා ඇය කෲරත්වයට පත් කළේ යැයි කියන ගුරුවරියක සැකපිට අත්අඩංගුවට ගත් බව පානම පොලිසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් 54හැවිරිදි වියේ පසුවන ගුරුවරිය පහරකෑමට ලක්වූ බාලවයස්කාර සිසුවියගේ පන්තිභාර ගුරුවරිය යැයි පොලීසිය කියයි.
පහරකෑමට ලක්වූ බව කියන මෙම බාලවයස්කාර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇතැයි වාර්තා වේ.