Colombo Today Local News

නෙලුවේ 7 හැවිරිදි දැරියක් අතුරුදන්

නෙලුව මහකන්දවත්ත ලිපිනයේ පදිංචි 7 හැවිරිදි අතුරලිය වික්‍රමගේ ටෙරාෂා පහන්දි නැමැති දැරිය ඊයේ (15) සවස් කාලයේ සිට නිවසේ නොමැති බවට දැරියගේ පියා නෙලුව පොලිසියට පැමිණිලි කර තිබේ.

පැමිණිලිකරු බිරිඳගෙන් දික්කසා දවී ඇති අතර දරුවාගේ මවගේ නංගී සහ තවත් පිරිමි පුද්ගලයෙකු ඊයේ සවස දරුවා බැලීමට පැමිණ තිබේ.

තමා තේ කර්මාන්තය ශාලාවේ වැඩ කරමින් සිටින විට දරුවා නිවසේ නොමැති බව රාත්‍රි හතයි දහයට පමණ ආරංචි වූ බවත් මවගේ නංගී දරුවා රැගෙන යන්නට ඇතැයි සැක කරන බවත් දැරියගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.

දැරියගේ මව සෙවනගල ප්‍රදේශයෙන් දෙවන කසාදයක් කර ගෙන ඇති බවද අනාවරනයවී තිබේ.

නෙලුව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related posts

ලොක්කෝ කොමිස් ගහලා, තාර ආනයනය පුද්ගලික අංශයට ලබා දීමෙන් තෙල් සංස්ථාවට කෝටි 240ක් පාඩුයි.

colombotoday

ඔබයි මගේ නායකයා – අගමැති රනිල්ට සජිත් ප්‍රේමදාසගෙන් සහතිකයක්

colombotoday

තිලක් මාරපන විදේශ අමත්‍යදුරයෙන් ඉවත් කිරීමට ජනපති අවධානය

colombotoday

සා/පෙළ විෂය නිර්දේශ ආවරණය වී අවසන් දැයි සෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පියවර

colombotoday

එජාප ජනපති අපේක්ෂකයා සජිත් – කෘත්‍යාධීකාරී මණ්ඩලය තීරණය කරයි

colombotoday

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday