Colombo Today Local News

නිවසක තනිව සිටි තරුණ බිරිඳක් අභිරහස් ලෙස මරුට

නිවසක තනිව සිටි 25 හැවිරිදි තරුණියක් අද (11) පස්වරුවේ හදිසියේ මියගොස් ඇති බව ඉංගිරිය පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය බෝධිනාගල යහලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනුශිකා දමයන්ති ජයසිංහ නමැති තරුණියකි.

ඇය මීට මාස කිහිපයකට ඉහතදී විවාහ වූ තැනැත්තියක බව පොලීසිය කියයි.

මිය ගිය තරුණියගේ ස්වාමිපුරුෂයා රැකියාව නිමවී සවස නිවසට පැමිණීමේදී සිය බිරිඳ මුළුතැන්ගෙයි සිහිසුන්වී වැටී සිටින අයුරු දැක තිබේ.

පසුව ඔහු ඇයව ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මිය ගිය තරුණිය වැටී සිටි ස්ථානයට ආසන්න කාමරයක විදුලි පේනුවක් බිත්තියෙන් වෙන්වී පිටතට නෙරා තිබූ බවද පොලීසිය නිරීක්ෂණය කර තිබේ.

තරුණිය මිය ගියේ පැවති ධාරානිපාත වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන් ද යන්න සැකයක් පවතින බවද පොලිස් නිලධාරියෙකු පවසයි.

මරණයට හේතුව දැනගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

Related posts

පාර්ලිමේන්තුව අද රැස්වෙයි.. එජාපය බහුතරය පෙන්වන්න සූදානම්…

colombotoday

ලංකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරක් !

colombotoday

වරායේ සේවකයින් ආරම්භ කළ උපවාසය තවදුරටත්

colombotoday

2020 එජාප ජනපති අපෙක්ෂකයා රනිල්…

colombotoday

මහනුවර ආරක්ෂාවත් තර කරයි

colombotoday

මුස්ලීම් කොවිඩ් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්

colombotoday