Colombo Today Local News

රජයේ සේවකයන් ගන්න පඩියට වැඩ නෑ – රවී කරුණානායක ජනතාව ගැන හිතයි

ලක්ෂ 17ක් වන රාජ්‍ය සේවක සේවිකාවන් නඩත්තු කිරීම සඳහා අවුරුද්දකට වැය කරන රුපියල් ට්‍රිලියන 1.4 ක මුදලට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට-ජනතාවට සැබෑ ප්‍රතිලාභයක් ලැබෙනවා ද යන්න පිළිබඳව සිතිය යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

රාජ්‍ය සේවක සේවිකාවන් ලක්ෂ 17ක් සිටින අතර රටේ බදු ගෙවන ජනතාවගේ මුළු ආදායමෙන් 76%ක් වැය වන්නේ මේ ලක්ෂ 17 නඩත්තු කිරීමට බව කරුණානායක මහතා කීය.

එනම් අවුරුද්දකට රුපියල් ට්‍රිලියන 104ක් වැයවන බව කී රවී කරුණානායක මහතා එපමණක් නොව ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් එයාර් සහ ජල සම්පාදන මණ්ඩලය ගෙවුණු අවුරුදු හතර ඇතුළත රුපියල් බිලියන 1350ක අලාභයක් ලබා තිබෙන බව සඳහන් කළේය.

මෙි මුදල් ඉතුරු කළා නම් ගෙවල් ලක්ෂ 12ක් හදන්න තිබූ බවද එමෙන්ම රටෙි සෑම පුද්ගලයකුටම රුපියල් 178000ක් ඉතුරු කර ගැනීමට තිබූ බවද හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

LP ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

මුතුරාජවෙල තෙත්බිම් කළාපය සරංක්ෂණය හා තිරසර භාවිතයට තීරණ රැසක්

colombotoday

අප්‍රේල් අග සිට පාස්පෝට් ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්

colombotoday

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

colombotoday

බහින්බස් වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී තරුණයෙක් ඝාතනය කෙරේ

colombotoday

ජර්මානු රජයෙන් ලංකාවට යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර

colombotoday