දිස්ත්රික්ක හතරක ප්රදේශ කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දිස්ත්රික්ක දෙකකට පමණක් සීමා කර තිබේ.
ඒ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කෑගල්ල සහ ගාල්ල දිස්ත්රික්ක දෙක සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් හෙට (12) දිනය දක්වා දීර්ඝ කර ඇති අතර කුරුණෑගල සහ මහනුවර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් ඉවත් කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්.