Colombo Today Local News

සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට වැඩසටහන් රැසක්

සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ, එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය අධ්‍යන කටයුතු සිදුකරමින් සිටින බවය.

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමට එම ව්‍යාපෘතිය හඳුන්වා දෙන බව සභාපතිවරයා පැවසීය.

මේ සඳහා නව වැඩසටහන් රැසක් හඳුන්වාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

ඊට අමතරව ලෝකයේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් මෙරටට රැගෙනවිත් රාත්‍රී කාලයට සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසීය.

Related posts

විග්නේශ්වරන් උතුරට, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කාර්යාලයක් ඉල්ලයි.

colombotoday

ණය ප්‍රතිව්‍යුහගත යෝජනාවලිය සාකච්ඡාවට අද මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි

Admin

වැලිපැන්නේදී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග පුද්ගලයෙක් කොටු

colombotoday

පා.ච රණවකට විරුද්ධව මහින්දානන්ද CID යයි.

colombotoday

ග්‍රෑන්ඩ්පාස් ඝාතනයට කුඩු රොෂාන් ඇතුළු 7ක් අත්අඩංගුවට

colombotoday

“පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න”

colombotoday