Colombo Today Local News

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ.

එය මැයි 10 වන දින පෙරවරු 08.30 වන විට අංශක 8.80N සහ අංශක 88.90E ආසන්නයේ කේන්ද්‍රගත වී පැවති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි.

එය උතුරට බරව වයඹ දෙසට ගමන් කර ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ සුළි කුණාටුවක් දක්වාත්, ඉන්පසු ඉදිරි දිනවලදී ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ යාබද මධ්‍යම බෙංගාල බොක්ක හරහා චණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව වාර්තා වෙයි.

උතුරු අක්ෂාංශ 03 – 20 ත් සහ නැගෙනහිර දේශාංශ 85 – 100 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ බහුදින ධීවර ප්‍රජාවන්ට අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටුයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාව වෙත දැනුම්දී තිබේ.

Related posts

වන විනාශ සිදුවීමේ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු

colombotoday

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

colombotoday

සාකච්ඡා අසාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට තනිව තරඟ කරනවා

colombotoday

“උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන මුවාවෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට අවශ්‍ය නම් නව නීති ගේනවා”

colombotoday

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ්

colombotoday

දුම්රිය වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක…

colombotoday