World

යුක්‍රේනයේ යුද කලාපයේ දී ප්‍රංශ මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි

නැගෙනහිර යුක්‍රේනයේ යුද කලාපයේ රාජකාරියේ නිරතව සිටි ප්‍රංශ මාධ්‍යවේදියෙකු ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

යුක්‍රේන සොල්දාදුවන් පිරිසක් සමග සිටියදී මාධ්‍යවේදීන් කණ්ඩායමකට රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඒ අතර මොහුද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

32 හැවිරිදි අර්මන් සොල්ඩින් නැමැති මෙම ප්‍රංශ මාධ්‍යවේදියා AFP ප්‍රවෘත්ති ඒජන්සියේ සේවය කළ අයෙක් බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

රුසියානු යුක්‍රේන යුද ගැටුම් වාර්තා කරමින් සිටිය දී ඝාතනයට ලක්වූ 15 වැනි මාධ්‍යවේදියා මොහු බවද මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව සඳහන් කර තිබේ.

Related posts

ඇමරිකාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday

බංගලාදේශයේ ඉස්ලාම් දේවස්ථානයක පිපිරීමක් – 13ක් ජීවිතක්ෂයට

colombotoday

පෘථිවිය ට සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනේ

colombotoday

සඳට ගිය චන්ද්‍රයාන්-2 යානය අතුරුදන්. අගමැති මෝදි අභ්‍යවකාශ ප්‍රධානියා සනසයි

colombotoday

මැද පෙරදිගට පමණක්, යළි පාස්පෝට් නෑ…

colombotoday

‘මැණිකේ මගේ හිතේ ‘ හින්දියෙන් ගායනා කළ “Thank God” සිනමාපටයට නඩු

colombotoday