Colombo Today Local News

එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට ශ්‍රී ලංකාවත්

එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත් වී තිබේ.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ සාමාජිකයින් විසින් 2024 සිට 2028 දක්වා සිව් අවුරුදු ධුර කාලයක් සඳහා ශ්‍රී ලංකාව එම කොමිසමට තෝරාගෙන ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

කාන්තාවන්ගේ අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ දිගුකාලීන සම්ප්‍රදාය, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෙනස්කම් කිරීම් තුරන් කිරීම සඳහා වන කැපවීම පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රි ලංකාව ඒ සදහා තෝරාගෙන ඇති බව සඳහන් වේ.

බංග්ලාදේශය, බෙල්ජියම, බොලීවියාව, කොලොම්බියාව, රුමේනියාව සහ නෙදර්ලන්තය මෙවර එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට තේරී පත් වූ සෙසු රටවල් වෙයි.

1946 දී පිහිටුවන ලද රටවල් 45ක සාමාජිකත්වයෙන් යුත් මෙම කොමිසම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පමණක් කැප වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අන්තර් රාජ්‍ය ආයතනය වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

සුවහසක් ජනතා ප්‍රාර්ථනය ගෝඨාභයයි… අපේ පිලේම උද්දච්චයන් කකුලෙන් අදිනවා – විමල්

colombotoday

ජාතින් අතර අසමගිය ඇතිකරන්න තප්පුලපු විග්නේශ්වරන්ටත් වැඩ වරදී

colombotoday

තිස්ස යලිත් රනිල් ලගට…?

colombotoday

තම්බි මුදියන්සේ රනිල්ටත්, නීලපෙරුමාල් චන්ද්‍රිකාටත්, රෑකඩ සිරිසේනටත් මේ රට හදන්න බෑ – ඤාණසාර හිමි

colombotoday

කැනේඩියානු මහ කොමසාරිස්වරයා ජනපති හමුවෙයි

colombotoday

ගැබිනි මව්වරුන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළට – වහාම එන්නත් ලබා ගන්නැයි උපදෙස්

colombotoday