Colombo Today Local News

අතුරුගිරියේ ජෙරම් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන අතුරුගිරියේ ජෙරම් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකායේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අතුරුගිරිය මිලේනියම් සිටි ප්‍රදේශයේ දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය මාර්තු 25 වන දින හෝමාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව වාර්තා වේ.

මොහු සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අතර අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවෙකු බව ද සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කරයි.

Related posts

වසර 48000කට පෙර අපේ උරුමය-දුනු – ඊතල භාවිත කළ ලොව පැරණිතම මානවයන් ගැන මෙරටින් සාක්ෂි හමුවේ

colombotoday

රන්ජන් ගැන හිත උණු උන මහින්දානන්ද නඩුව ඉල්ලා අස්කර ගනී

colombotoday

රනිල්ගේ, අකිලගේ කැබිනට් යෝජනා දෙකක් මෛත්‍රී විසි කරයි

colombotoday

සීෂෙල්ස්හි ඉදිකිරීම් සමාගමක සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයවේ

colombotoday

CCTV මගින් හකීම්ගේ සමීප ආශ්‍රිතයින් සොයයි

colombotoday

ඒකාබද්ධය බලය උරගා බලන්න යයි… පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්

colombotoday