හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට හිමි විය යුතු දඬුවම ජනාධිපතිවරයා විසින් තීරණය කරාවි යැයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මහ බැංකු බැදුම්කර වංචාව පිළිබඳ සාකච්ඡාවකට අදාළව ලබන සිකුරාදා(14) දිනයේ මුදල් මණ්ඩලය රැස්වීමට නියමිත බවත් ඒ මහතා කියා සිටියේය. එමෙන්ම ඒ මගින් මහ බැංකු බැදුම්කර වංචාවට අදාළ විශේෂ තීන්දු, තීරණ රැසක් ගනු ඇතැයිද ඒ මහතා පෙන්වා දී තිබේ.
බැදුම්කර වංචාව පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයන්ද මේ දින වල සිදු කරන බවත්, එම පරීක්ෂණයන් හා මුදල් මණ්ඩලය රැස් වී ගැනීමට නියමිත තීන්දු තීරණ සියල්ලෙන් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන්ට හිමි විය යුතු ඉහළම දඬුවම ලබා දීමට ඔවුන් සියල්ලන් සූදානම් බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.