World

අධිකරණයට පෙනී සිටීමෙන් නිදහස් කරන්න කියූ ඉම්රාන් ඛාන් අමුතු ඇඳුමකින් අධිකරණයට එයි

පාකිස්තාන ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණය මඟින් පනවා තිබූ නඩු තුනකට පෙනී සිටීම සඳහා එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

විශේෂ ආරක්ෂාවක් යටතේ වෙඩි නොවඳින ලෙස හිස පවා ආවරණය කරගෙන ඉම්රාන් ඛාන් අධිකරණයට පැමිණීම විශේෂත්වයකි.

තම ජීවිතයට ඇති තර්ජනය සලකා අධිකරණයට පෙනී සිටීමෙන් නිදහස් කරන ලෙස ඉම්රාන් ඛාන් ඉල්ලා සිටියත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළේය.

ඔහු මෙසේ සැරසී අධිකරණයට පැමිණියේ ඉන් පසුවය.

ගිනි තැබීම, පොලිසියට එරෙහි ප්‍රචණ්ඩත්වය, පොලිස් අත්අඩංගුවේ සිටියදී සිලී ෂාහ්ගේ ඝාතන සිදුවීමට අදාළව සිදුවූ විනාශකාරී ක්‍රියාවලියට සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ට එරෙහි නඩු තුනෙන් ඔහුට ඇප ලබා දීමට අධිකරණය තීන්දු කර තිබේ.

ලබන අප්‍රේල් 13 වැනිදා දක්වා අදාළ ඇප වලංගුය.

Related posts

ඇෆ්ගනිස්තානයෙන් සියලු අමෙරිකානු හමුදා ඉවත් වෙති

colombotoday

බොර තෙල් මිල තවත් අඩු වෙයි

Admin

ට්‍රම්ප්ගේ නියෝගයෙන් පසු.. ටෙක්සාස් හී මුස්ලිම් පල්ලියක් ගිනිබත් වේ (Video)

colombotoday

පැරිසියේ දැවැන්ත පිපිරීමක්…

colombotoday

සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි

colombotoday

ජපානයෙන් එක් දිනකදී වැඩිම මරණ වාර්තා වෙයි

colombotoday